ශ්රී ලංකාව අවට වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ ප්රදේශ රැසකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම හෙට (මැයි 11) වන විට මෙම වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
ප්රධාන ප්රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සහ කාලගුණ විද්යාඥ මලිත් ප්රනාන්දු මහතා ප්රකාශ කරන පරිදි, දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතිනු ඇත. බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණ, වයඹ, උතුරු සහ ඌව පළාත්වලට මෙන්ම අනුරාධපුර දිස්ත්රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකිය. සවස් කාලයේ හෝ රාත්රී කාලයේදී දිවයිනේ බොහෝ ප්රදේශවල ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ දත්ත වාර්තා කරයි.
නායයෑම් සහ ජලාශ පිටාර ගැලීමේ අවදානම
අධික වර්ෂාපතනයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්රික්ක කිහිපයකට නායයෑම් පිළිබඳ මූලික අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. විශේෂයෙන් බදුල්ල දිස්ත්රික්කයේ පස්සර ප්රදේශයටත්, මොණරාගල දිස්ත්රික්කයේ බඩල්කුඹුර සහ වැල්ලවාය ප්රදේශවලටත් පළමු මට්ටමේ (Level 1) අනතුරු ඇඟවීම් බලපැවැත්වේ.
මීට අමතරව, පවතින වැසි තත්ත්වය හේතුවෙන් රාජාංගනය, ලුණුගම්වෙහෙර, දැදුරු ඔය, වේවැල්ගල සහ අඹේවෙල ඇතුළු ප්රධාන ජලාශ කිහිපයක් දැනටමත් පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පහත් බිම්වල වෙසෙන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවට උපදෙස් දී ඇත.
මුහුදු ප්රදේශ සඳහා අනතුරු ඇඟවීම්
අඩු පීඩන කලාපය නිර්මාණය වීමත් සමඟ දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවල මෙන්ම බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා ක්ෂණිකව ඉහළ යාමට ඉඩ ඇත. මේ හේතුවෙන් මුහුදු ප්රදේශ රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්රජාවට දැඩි අවදානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.
මහජනතාවට උපදෙස්
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඉදිරි දිනවලදී නිරිතදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වීමට පෙර පවතින මෙම පූර්ව මෝසම් වැසි තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බැවින් නිරන්තරයෙන් යාවත්කාලීන වන කාලගුණ වාර්තා පිළිබඳව විමසිලිමත් වන්න.
සි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම හෙට (මැයි 11) වන විට මෙම වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
ප්රධාන ප්රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සහ කාලගුණ විද්යාඥ මලිත් ප්රනාන්දු මහතා ප්රකාශ කරන පරිදි, දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතිනු ඇත. බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණ, වයඹ, උතුරු සහ ඌව පළාත්වලට මෙන්ම අනුරාධපුර දිස්ත්රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකිය. සවස් කාලයේ හෝ රාත්රී කාලයේදී දිවයිනේ බොහෝ ප්රදේශවල ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ දත්ත වාර්තා කරයි.
නායයෑම් සහ ජලාශ පිටාර ගැලීමේ අවදානම
අධික වර්ෂාපතනයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්රික්ක කිහිපයකට නායයෑම් පිළිබඳ මූලික අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. විශේෂයෙන් බදුල්ල දිස්ත්රික්කයේ පස්සර ප්රදේශයටත්, මොණරාගල දිස්ත්රික්කයේ බඩල්කුඹුර සහ වැල්ලවාය ප්රදේශවලටත් පළමු මට්ටමේ (Level 1) අනතුරු ඇඟවීම් බලපැවැත්වේ.
මීට අමතරව, පවතින වැසි තත්ත්වය හේතුවෙන් රාජාංගනය, ලුණුගම්වෙහෙර, දැදුරු ඔය, වේවැල්ගල සහ අඹේවෙල ඇතුළු ප්රධාන ජලාශ කිහිපයක් දැනටමත් පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පහත් බිම්වල වෙසෙන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවට උපදෙස් දී ඇත.
මුහුදු ප්රදේශ සඳහා අනතුරු ඇඟවීම්
අඩු පීඩන කලාපය නිර්මාණය වීමත් සමඟ දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවල මෙන්ම බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා ක්ෂණිකව ඉහළ යාමට ඉඩ ඇත. මේ හේතුවෙන් මුහුදු ප්රදේශ රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්රජාවට දැඩි අවදානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.
මහජනතාවට උපදෙස්
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඉදිරි දිනවලදී නිරිතදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වීමට පෙර පවතින මෙම පූර්ව මෝසම් වැසි තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බැවින් නිරන්තරයෙන් යාවත්කාලීන වන කාලගුණ වාර්තා පිළිබඳව විමසිලිමත් වන්න.
No comments:
Post a Comment